BRNS

6 - 11 ශ්‍රේණි

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර 6 ශ්‍රේණියෙන් ආරම්භ කල විශේෂාංග රැස්වීම ද දරුවන්ගේ හැකියා, දක්ෂතා ඔප් නැංවීමට ආධාර කරන තෝතැන්නකි. 6 සිට 11 දක්වා බොහෝ පන්ති කාමර සුහුරු පන්ති කාමර ලෙස ක්‍රියාත්මක වෙමින් සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නවීකරණය වී ඇත.

12- 13 උසස්පෙල

කලා, වාණිජ, විද්‍යා, ගණිත,තාක්ෂණ හා පොදු විෂය ධාරා වලින් ජාතික මට්ටම ඉක්මවූ ප්‍රතිඵල ලබන ජනප්‍රිය පාසලකි. නවීන පහසුකම් සහිත විද්‍යාගාර, සුහුරු පන්ති කාමර, නවෝත්පාදක පරිසරයන් තුළ උසස් පෙළ සිසුන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වෙති.

13 වසරක අධ්‍යාපනය

2021 වර්ෂයේ සිට අප පාසලේ ක්‍රියාත්මක වන අතර මේ සදහා ස්ථීර පත්වීම් ලැබූ ගුරුවරුන් දෙදෙනෙක් හා අනුයුක්ත එක් ගුරුවරයෙකු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වෙයි.
දැනට පාසලේ ක්‍රියාත්මක වන විෂයන් ලෙස, 

  • සංචරණය හා සත්කාරක සේවා
  • ආහාර තාක්ෂණය
  • පසු සම්පත් නිශ්පාදන තාක්ෂණය
  • භූ දර්ශන අලංකරණය
  • ශිල්ප කලා
  • සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය
    හා වෘත්තීය විෂයන් 26 සඳහාම දරවන් ආයතනගත කිරීම සිදු වේ.

ක්‍රීඩා

විෂය සමගාමි වැඩසටහන් අතර චෙස්, ජිම්නාස්ටික්,  කරාතේ, ටේබල් ටෙනිස්, අත්පන්දු,පාපන්දු, දැල්පන්දු, ක්‍රිකට්,කඹ ඇදීම මලල ක්‍රීඩා යන ඉසව් ඉතා වැදගත්ය.  දිනෙන් දින ජයග්‍රහණ වල වර්ධනයක් ද තිබේ.

ශිෂ්‍ය භට ඛණ්ඩය

2013 දී නාවික බාලිකා හා ගුවන් බාලක ඛණ්ඩ දෙකක් ආරම්භ කරමින් ශිෂ්‍ය භට කටයුතු ආරම්භ කරන ලදී. ඛණ්ඩ භාරව නිලධාරිනියකගේ අඩුව මකාලමින් ඒකකය භාරව කල්‍යාගණි ගමගේ ගුරු මෑණියන් විසින් විශාල මෙහෙවරක් සිදු කර ඇති අතර 2014 දී විද්‍යාලයට ජාතික ශිෂ්‍ය භට ඛණ්ඩ පුහුණුවලත් නිලධාරිනියක් වන ලුතිනන් ටී. වයි වීරකෝන් තුමිය සම්බන්ධ විය. එතැන් පටන් පාසල විවිධ ජයග්‍රහණ ලබමින් මේ දක්වා ශිෂ්‍ය භට ඛණ්ඩ පවත්වාගෙන යයි. ශිෂ්‍ය භට ඛණ්ඩ ලැබූ ජයග්‍රහණ ලෙස, 

ඩී එම් එම් මුදිති මාපලගම 2015 දක්ෂතම ශිෂ්‍ය භට ලෙස හා නාවික බාලිකා ඇගයීම් කදවුර 8 වෙනි ස්ථානය, 2017 ගුවන් බාලක ඇගයීම් කඳවුරෙන් හතරවැනි ස්ථානය
පාසලෙන් බිහි වූ නායකත්ව ලෙස,
RQ – පුබුදු  අචින්තන, ශිරෝමි හසින්තා
CSM – තරුෂි නවෝද්‍යා, පසිඳු උමයංගන
CQ – විමුක්ති දසනායක, ඉසුරු උදයංග
2022 ඒකකයට නව නිලධාරී තුමිය ලෙස ලූතිනන් ඩබ්ලිව් වී.සී ලක්මාලි තුමිය සම්බන්ධ විය.

2020 වර්ෂයේ සිට පොලිස් පරීක්ෂක වීරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් ශිෂ්‍ය භට බලකාය පාසලේ  ආරම්භ විය.

ශිෂ්‍ය නායක සංසදය

වර්ෂය මුලදී අයදුම්පත් කැඳවීම සිදු කරන අතර ලිඛිත පරීක්ෂණය හා සම්මුඛ පරීක්ෂණයකින් ශිෂ්‍ය නායකයින් තෝරා ගැනීම සිදුවේ. ජ්‍යෙෂ්ඨ විධායක ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා දස දෙනෙක් පත් කර ගන්නා අතර ප්‍රධාන දෙදෙනෙක්ද, ජේෂ්ඨ උප ප්‍රධාන දෙදෙනෙක්ද, උප ප්‍රධාන හය දෙනෙක් ද ආදී වශයෙන් නම් කෙරේ.   උසස් පෙළ ජේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය ,  10 ,11  ශ්‍රේණි වලින් ශිෂ්‍ය නායක මණ්ඩලය හා 7 ,9 ශ්‍රේණි වලින් ශිෂ්‍ය නියාමකයින් පත් කර ගනු ලබයි.

ශිෂ්‍ය නායක වැඩසටහන් ලෙස පාසල පිරිසිදු කටයුතු වෙනුවෙන් දායක වීම,උදැසන ආගමික කටයුතු සදහා සහයෝගය ලබාදීම, ඩෙංගු මර්ධන වැඩසටහනට දායක වීම, උත්සව අවස්ථා වලදී සංවිධාන කටයුතු වලට දායක වීම යනාදී බොහෝ ක්‍රියාකාරකම් සදහා දායකත්වය ලබා දේ.

කළණ මිතුරු පොත් සුමිතුරු

2022- 2026 පස් අවුරුදු සැලැස්ම යටතේ පුස්තකාල කළණ මිතුරු පොත් සුමිතුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර එහි පළමු අදියර 2023 සාහිත්‍ය මාසය වෙනුවෙන්  සිසු නිර්මාණ සඟරාවක් එළි දැක්වූ අතර ඉදිරි වසර සඳහා ද මෙය ක්‍රියාත්මක වේ.

වැඩියෙන්ම පුස්තකාලය පරිහරණය කරමින් පොත පත කියවන්නන්ට ද කුසලාන තුනක් ලබාදීම සිදුවේ.  එම කුසලාන හොර්දාගොඩ අනුස්මරණ ශූරතාවය එක දෙක තුන වශයෙන් වේ.

ඒ වගේම පන්තියකින් හොඳම පොත් කියවන්නාට ද කුසලතා සහතිකයක් ලබා දීම සිදුවේ. 

විෂය සමගාමී අනෙකුත් වැඩසටහන්

විෂය සමගාමි අනකෙුත් වැඩසටහන් අතර රතුකුරුස සංගමය, රිය නියාමක සංගමය, බෞද්ධ සංගමය, රජසිහ මාධ්‍ය ඒකකය,සති පාසල වැනි අංශ ද දරුවන්ගේ කුසලතා ඔප්නංවමින් ක්‍රියාත්මක වේ. භාෂා කවය, සාක්ෂරතා ව්‍යාපෘතිය, ඩෙස් පුටු නවීකරණ ව්‍යාපෘතිය, ශිෂ්‍ය සුභ සාධන ව්‍යාපෘතිය, දිවා ආහාර වැඩසටහන, අඩු පහසුකම් සහිත දරුවන් සදහා ශිෂ්‍යත්ව වැඩසටහන,විශ්ව විද්‍යාල තේරුණු දරුවන් සදහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන,නොමිලේ පවත්වන සෞඛ්‍ය සායන(ශිෂ්‍ය, ගුරු), මාර්ගගත ඉගෙනුම් සදහා සිසුන්ට පහසුකම් ලබාදීම යන විෂය සමගාමී වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.

2023 විෂය සමගාමී කටයුතු භාරකාරීත්වය​

  අත්පන්දු   
           G.T.S පෙරේරා මයා
          නදීශානි ජයකොඩි මිය

ශිෂ්‍ය භට 
          තිලිනි වීරකෝන් මිය
          චන්දිමා ලක්මාලි මිය

චෙස් 
           E.W.S දිල්රුක්ෂි මිය             
           R.A. මිරාජි රණවක මෙය

ටේබල් ටෙනිස් 
         ශ්‍යාමලී අත්තනායක මිය 
         K.K. හීනටිගල මිය 

දැල් පන්දු 
          D.S ගමගේ මිය 
          U.I.A. විජේවර්ධන මෙය

යෝගා
        B.P.D සුලෝචනා මිය 
        E.I.S රුවන්තා මිය

ජිම්නාස්ටික්
        W.C. ක්‍රිශාන්ති මිය     
        R.M.M.G.K.S. රාජපක්ෂ මිය 

කතික , විවාද ,නිවේදන , සංගමය 

       B.R.K බාලසූරිය මිය   
      ආලෝක වැලිවිටිගොඩ මයා        
      භාග්‍යා බමුණු ආරච්චි මිය 

භාෂා කවය  

       G.H. චන්ද්‍රමාලි මිය
       මදුශානි  උත්පලා මිය
      සමාධි විජේසේකර මිය

කඹ ඇදීම 
      H.G.L.P. නයනජිත් මයා

සෞඛ්‍ය සංවිධාන රතු කුරුස (ශාන්ත ජෝන් ගිලන්)          
       A.D.C. චිතුමාලි මිය
       A.A.C.R. අමරතුංග මිය 

ක්‍රිකට් 
       M.D. මල්කාන්ති මිය 
       W.T. සදරුවන් මයා

එල්ලේ
      W.R ලක්මාල් මයා

කරාතේ
     K.D.U. ජයශාන්තා මිය 
     රුවිණි ලක්මාලි මිය

පාපන්දු  
      සුජිත් නිශාන්ත මයා
      පවිත්‍රා තිලිනි මෙය

සති පාසල
          N. උපනන්ද හිමි 
          සමන්ත මහකුඹුර මයා

Scroll to Top