දස මස කුස දරා ඇඟ ලේ කිරට පෙරු
සිසිලස සොඳුරු සුව සැලසුව මව්නි ගරු
අනුහස ඔබේ ගැඹුරුය මහ සයුර යුරු
සෙනෙහස මහ මෙරකි ඇදහිය නොහැකි විරූ
සිව් බඹ විහරණ දී ගුණ සුවඳ දිදී
පෙව් කිරිවලට මවකගේ සෙනෙහසෙහි බැඳී
සව්සත ලොවේ එම සිසිලස සුවය විදි
මව් ගුණ ලියන්නට හෝඩිය හෝඩියේ අකුරු මදි
බෝසත් කල එද දස බලය හිමි පොරණ
සිහිපත් කරමු සමුදුර ගමනක යෙදුන
මෑණිය කර තබා නිමකල සඳ ගමන
ඒ උත්තම පිනට කම්පා කම්පාවිය දෙරණ
බෝසත් හිමියනුත් මාගෙන් විවරණ ලැබුවේ
නියතයි මව්නි මතු කල බුදු බව හිමිවේ
මව වෙයි දෙලොවටම යෙන සැනසුම සැදුවේ
එනිසයි හිරු සඳු මනු ලොව දෙස බැලුවේ
ඉපදී දස දහස් වර මෙම රුදිරු බවේ
උරති දුකට යළි යළි එම දහම ලොවේ
පැහැදීමෙන් මෙතින් විදගත් කළ දැහැමි සුවේ
නව ගේ ගුණ සුවඳ නිරතුරු හදෙහි මැවේ
P.A.D.දිල්කි දිසාංජලී – 9E