BRNS

පියාණෙනි 

ගැටෙන රිය සක බිඳෙන රළ පෙළ
සසල කරමින් මනස නිරවුල්
විඳින දුක් කද නිමක් නැති
සදා කල් හිම අප නමින්
වරද දුටු විට කිපෙනු ඇත නුඹ
හදා ගන්නට හැම සොඳින්
මහමෙරකි මට ඔබේ සෙනෙහස
පියාණෙනි මට ජීවිතේ සැරි සරණ තෙක්
නෙතට නින්දක් කුසට අහරක්
නැතේ නුඹ හට අප නමින්
විඳින්නට වන කටුක දුරලමි
පියාණෙනි මම නුඹ නමින්
පළමු ගුරු ඔබයි මගෙ
සරදමින් නිසි මගට යොමු කල
සිහින පසු පස හඹා යන්නට
දිරිය වන නුඹ හිරුය මගෙ ලොව

Scroll to Top