මව් කුසයෙන් බිහි වී ආ බිළිදා_
_මව් තුරුලේ සැතපීලා_
_මව් කිරි බී ලොකු වීලා_
_මෙලොවට ආ දරුවන්_
_උස් මහත් වී ඇත දැන්…_
_පියවරෙන් පියවර සැමදෙන ලොකු වී_
_හොඳ සහ නරක සමසේ බෙදී_
_කොටසක් හොඳ ද කොටසක් නරක ද දකිමින්_
_දිවිය ගෙවයි දුක මෙන් සැපද සමගින්…_
_අසරණ මවුපියන් දරුවන් ව_
_පරිවාසෙට ගෙන යන්නේ_
_මානව ධර්ම ඇති අය ඔවුනට සලකන්නේ_
_තව සමහරුන් තම දරුවන් සේ රැක ගන්නේ_
_හොඳ ගති ඇති මිනිසා ඒ ගැන දුක් වන්නේ…_
_දුටුවන් හට හට ද මේ අරුමෙකි දකින්නට_
_නරකින් මිදීමට මිනිස්සුන් වෙර දරනු ඇත_
_ඉදිරිය දකින්නට ඇත්නම් සැබෑවට_
_මිනිසත් බවෙන් යුත් මිනිසුන්_
_ලොව වැඩි වී ඇති අයුරු…_
K.P. සෙව්මිනි කවින්ද්‍යා
12 – A (ART)