රන් කිරි පුතුට මව් ළය තුල ස්නේහෙ ගෙන
මව් කිරි බිඳක් නුඹෙ මුවගට අයිති නැත
සෙනෙහස පුරා නුඹ මතකෙට නැගෙන විට
හද මිරිකා නැගි කදුලින් මෙමට බර
කිරි කැටි සුවඳ මුව ඔබ මොබ යාවෙද්දී
සිහිනෙන් මිනි හඬක් කුස තුල නංවද්දී
මහමෙර දරු දුකින් හදවත් බරවෙද්දී
මරනාසන්න හුස්මට නුඹ හසුවෙද්දී
රන් කිරි පුතුට මව් ළය තුල ස්නේහෙ ගෙන…..
සුජාත දරුවෙකු ලෙස ලොව බිහිවෙන්නේ
අවසර නැත නුඹට ලොව රුදුරුයි පුතුනේ
සසරේ දිනෙන නුඹ මබ වී හමුවන්නේ
මා එනතුරා දිවියෙහි පුතු රැදෙන්නේ
රන් කිරි පුතුට මව් ළය තුල ස්නේහෙ ගෙන…..
ඉෂිනි මලීෂා
10 ශ්‍රේණිය